පළාත් අධ්‍යාපන
අධ්‍යක්ෂතුමාගේ - පණිවිඩය

ඒ.ජී. නිමල් ජයවීර මයා
- බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ -

ආදරණීය දරු දැරියනි,
   බස්නාහිර පළාතේ මෙන්ම මුළු ලංකාවෙහිම වෙසන සියළුම දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු නව තාක්ෂණය භාවිතා කර ගුණාත්මකව සංවර්ධනය කරමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්ත‍‍‍මේන්තුවේ සංවර්ධන අංශ‍යේ මෙහෙයවීමෙන් මෙම ඉගනුම් කළමණාකරණ පද්ධතිය සකස් කරන ලදී. මෙම ඉගෙනුම් කළමණාකරන පද්ධතියේ සියළුම ශ්‍රේ‍ණි වලට අදාල විෂයන්හි කාර්ය පත්‍රිකා ,ආදර්ශ පත්‍ර ,වීඩියෝ පාඩම් අන්තර්ගත වේ. මෙයට අමතරව බස්නාහිර පළාත් පසුගිය වාර විභාග ප්‍රශ්න පත්‍ර ,පිළිතුරු පත්‍ර හා අනෙකුත් ඉගෙනුම් සම්පත් ආධාරක ඇතුලත් වේ. මෙම දත්ත පද්ධතිය අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ මගපෙන්විමෙන් හා අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු විෂය භාර අධ්‍යක්ෂකවරුන් ,ගුරු උපදේශක මහත්ම මහත්මින් හා සම්පත්දායක ගුරුභවතුක්ගේ දායකත්වයෙන් සකස් කර ඇත. ආදරණීය දුවේ, පුතේ රටේ පවතින කොවිඩ් වසංගත තත්වය මත ඔබගේ ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ශක්තිමත්ව ඉදිරියට කරගෙන යාමට මෙම ඉගෙනුම් පද්ධතිය අත්වැලක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථකව සිදු කර ලක් මාතාවට වැඩදායි පුරවැසියකු වීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි මම සුභ පැතුම් එක් කරමි.

ඒ.ජී. නිමල් ජයවීර
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
බස්නාහිර පළාත

- ආයුබෝවන්! බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව -

1 ශ්‍රේණිය 2 ශ්‍රේණිය
3 ශ්‍රේණිය 4 ශ්‍රේණිය
5 ශ්‍රේණිය 6 ශ්‍රේණිය
7 ශ්‍රේණිය 8 ශ්‍රේණිය
9 ශ්‍රේණිය 10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය 12 ශ්‍රේණිය
13 ශ්‍රේණිය වෘත්තීය පුහුණුව